චීනයට උතුරු දෙසින් පිහිටි මෝංගෝලියානු ස්වයංපාලන කලාපයෙන් අධික හිමපතනයක් වාර්තා වෙයි.
මේ හේතුවෙන් එම කලාපයේ සංචාරක ව්‍යාපාරය කැපී පෙනෙන ලෙසින් වර්ධනය වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
හිමෙන් වැසී ගිය චීනයේ උතුරුදිග කලාපය වෙත මේ දිනවල සංචාරකයන් වැඩි වශයෙන් ඇදී එමින් සිටියි.
ඒ අධික හිමපතනය නිසා එම කලාපය ඉතාමත් සුන්දරව දිස්වීම හේතුවෙන්.
එහි ඇති හිම පෙතේ හිම ක්‍රීඩාවේ නිරතවීමටත් සංචාරකයන් දැඩි කැමැත්තක් දක්වයි.
කලාපය වෙත වැඩි සංචාරක ආකර්ෂණයක් හිමිවීම හේතුවෙන් වර්තමානය වනවිට එහි ජනතාවගෙන් 40000කට අධික පිරිසක් සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියාවල නිරතවී සිටින බව සඳහන්.
එමෙන්ම මෙම තත්ත්වය එහි පාරිසරික පද්ධතිය සදහාත් වඩාත් සුබදායී කාලයක් උදාකර දී තිබේ.
ගස් කපාදැමීම වෙනුවට වැඩි වශයෙන් රුක්රෝපණය කර වනාන්තර සුරැකීමට ජනතාව කටයුතු කරන බවයි මේ වාර්තා වැඩිදුරටත් පවසයි.
ශීත සමයේදී යකේෂි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 40ක් වන නමුත් ඒ වෙත පැමිණ සිය මෝටර් රථවල ධාවන පරික්ෂා සිදු කිරීමට දේශීය මෙන්ම විදේශීය මොටර් රථ නිෂ්පාදන සමාගම් වැඩි කැමැත්තක් දක්වන බව චීන වාර්තා පෙන්වා දෙයි.
චීනයට මේ වනවිට ශීත සෘතුව උදාවී ඇති නමුත් බීජිං අගනුවර එතරම් ශීත කාලගුණයක් පවතින්නේ නැහැ.
කෙසේ වුවත් බීජිං වැසියන්ට ශීත සෘතු අසිරිය විදගැනීමේ අවස්ථාව ලබාදීමට නගර බලධාරීන් කටයුතු සූදානම් කර තිබුණේ මෙලෙසින්.
මේ සදහා 2008 බීජිං ඔලිම්පික් උළෙල සදහා යොදාගත් ක්‍රීඩාංගණයක් මුලුමනින්ම වෙනස් කර එය ශීත සෘතු ක්‍රීඩා පිටියක් බවට පත්කිරීමට ඔවුන් කටයුතු කර තිබුණි.




