ලංකා බැංකුවේ නව සභාපති වැඩ ආරම්භ කරයි

Share

මෙරට විශාලතම රාජ්‍ය වාණිජ බැංකුව වන ලංකා බැංකුවේ සභාපති ධූරය සඳහා පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා අද(02) සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

 

වෘත්තියෙන් නීතිඥයෙකු වන ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් LL.B උපාධිය ලබා ඇත.

තොරතුරු තාක්ෂණ, security printing, මෘදුකාංග සංවර්ධනය, BPO, රක්ෂණ තැරැව්කාර හා සුරැකුම්පත් යන ක්ෂේත්‍රවල පෞද්ගලික අංශයේ ව්‍යාපාර කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ඔහු පුළුල් අත්දැකීම් ලබා ඇත්තෙකි.

තවද ඔහු සිය වෘත්තීය ජීවිතය තුළ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ ලංකා නැව් සංස්ථාවේ සභාපති යන තනතුරු දරා තිබේ.

Read more

Local News