පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවතත් හිටපු ජනපති ජේ ආර්. ජයවර්ධන මහතාගේ කාලයට ගමන් කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවැසීය.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු සඳහන් කරන්නේ මෙම පනත් කෙටුම්පතින් විනිසුරන්, විගණකාධිපති, පොලිස්පති, නීතිපති ඇතුළු තනතුරු ජනපතිවරයා විසින් පත්කිරීමට යෝජනා කර ඇති බවයි.
මෙය ජනතාවගේ කැමැත්ත මත ස්ථාපිත කළ ස්වාධීන පද්ධති විනාශ කරන බවත් ඔහු පෙන්වා දෙයි.
මෙය ඒකාධිපති වියරුවක් බවත් එය පරාජය කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
22nd Amendment!Back to JR!
Bill suggests appointment of Judges,Auditor general,IGP,AG etc by the president.This will completely destroyed the relatively independent systems established by will of the people.This dictatorship mania should be defeated irrespective of party lines. pic.twitter.com/SScolczVBZ— Bimal Rathnayake (@BimalRathnayake) January 2, 2020



