නවදිල්ලි නුවර කර්මාන්ත ශාලාවක ගොඩනැඟිල්ලක් කඩා වැටෙයි

Share

ඉන්දියාවේ නවදිල්ලි නුවර කර්මාන්ත ශාලාවක ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් විශාල පිරිසක් ඒ තුළ සිරවී ඇති බව වාර්තා වෙයි.

 

අදාල ගොඩනැගිල්ලේ අද අළුයම ගින්නක් හටගෙන ඇති අතර එය මැඩපවත්වමින් සිටියදී මෙලෙස ගොඩනැඟිල්ල කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ගින්න මැඩපවත්වමින් සිටි ගිනි නිවන භටයින් පිරිසක් ද සුන්බුන් අතර සිරවී සිටින බව සඳහන්.

ගොඩනැඟිල්ලේ හටගත් ගින්න මැඩපැවැත්වීමට සහ ගින්නට හසු වූ පුද්ගලයින් මුදා ගැනීම සඳහා ගිනි නිවන රථ 35ක් සහ ගිනි නිවන භටයින් විශාල පිරිසක්  එම ස්ථානයට පැමිණ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Read more

Local News