පාර්ලිමේන්තුවේ අද නව තනතුරු පත් කරයි

Share

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරුවලට අදාළ පත්කිරීම් අද(03) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

 

අදාළ පත්කිරීම් හා පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ද රැස් වී තිබුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විය.

එහිදී පාර්ලිමේන්තුවේ නව සභා නායකයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත්,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් පත් කිරීමට තීරණය කර තිබේ.

මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සදහා ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා නම් කිරිමට ඊයේ(02) පැවැති එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය වී තිබුණි.

Read more

Local News