ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කඩිනමින් එළිදැක්වීමට පියවර ගන්නා බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
කෑගල්ල, කිතුල්ගල කල්‍යාණි මහා විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ අධ්‍යාපනයේ පවතින අසමතුළිතතාවය හේතුවෙන් දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ දී තරඟයක් ඇති වී තිබෙන බවයි.



