අපේ ආණ්ඩුව යටතේ රාජ්‍ය ආයතන විකුණන්නේ නැහැ

Share

වත්මන් ආණ්ඩුව යටතේ කිසිදු භූමිකොටසක් හෝ රාජ්‍ය ආයතනයක් විකිණීම සිදුනොකරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

 

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ(02) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙසේ පැවසීය.

“අපේ ප්‍රතිපත්තිය අනුව අයෝජන ගේන්න පුළුවන් වෙයි. එ.ජා.පය කියනවා ඉඩම විකිණුවා කියලා. ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා

රටට අයෝජන ලැබෙද්දි ඒවා වළක්වන්න කරන දේවල්. අගමැති,ජනපති යටතේ ඉඩම් අපි විකුණන්නේ නැහැ. ඩොලර් මිලියන 200 ක ආයෝජනය. ඩොලර් මිලියන 250 දක්වා වර්ධනය කරගත්තා. අපේ ආණ්ඩුව යටතේ රාජ්‍ය ආයතන විකුණන්නේ නැහැ“

Read more

Local News