ඉවසීම නොමැතිකමෙන් සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් පාප් වහන්සේ සමාව අයැද තිබේ.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ සුපුරුදු පරිදි දරුවන් සහ කිතුණු බැතිමතුන් වෙත නව වසරට ආශිර්වාද කරමින් සිටි අයුරුයි මේ.
එම අවස්ථාවේදී උන්වහන්සේගේ ආශීර්වාදය ඉල්ලා සිටි කාන්තාවක් සම්බන්ධ සිදුවීමක (පහර කෑමට ලක් වූ) වීඩියෝවක් ජාත්‍යන්තර මාධ්‍ය වල ප්‍රචාරය වූයේ කිතුණු ලෝකය කළඹවමින්.
පාප් වහන්සේ ගේ මෙම හැසිරීම බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වූ අතර සිදු වූ වරදට වතිකානුවේ සිට උන් වහන්සේ සමාව ඇයැද තිබේ.
එම සිදුවීම උදාහරණයක් ලෙස ගෙනහැර දක්වමින් ඉවසීම නොමැති කමින් අපේ කරුණාවන්ත බව ගිලිහෙන අවස්ථාවන් බොහොමයක් වන බව පැවසූ උන්වහන්සේ ප්‍රේමය ඉවසීම ප්‍රගුණ කිරීමට ඉවහල් වන පවසා තිබේ.




