ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමේ අතුරු යෝජනා වාර්තාවක්

Share

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ අතුරු යෝජනා ඇතුළත් වාර්තාවක් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමට යොමු කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

 

එම අමාත්‍යංශය සඳහන් කළේ , ගුරු වෘත්තීය සමිතිවල ඉල්ලීම් කිහිපයක් සලකා බලමින් මේ පියවර ගත් බවයි.

මෙම අතුරු යෝජනාවෙන් ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ස්ථිරව ඉවත් කරන තෙක් ඔවුන්ගේ වැටුප් ඉහළ නැංවීමට යෝජනා ඇතුළත් කර තිබේ.

ගුරු – විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමට පසුගිය දා කැබිනට් අනුමැතිය හිමිවිය.

ඒ අනුව ගුරු විදුහල්පති සේවයේ වැටුප් විෂමතා ඉවත් කර කඩිනමින් නව වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට නියමිතයි.

Read more

Local News