අමෙරිකානු ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රභූ ආරක්ෂ අංශ ප්‍රධානී මරුට

Share

ඉරාකයේ බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත එල්ල වූ අමෙරිකානු හමුදා ප්‍රහාරයකින් ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රභූ ආරක්ෂ අංශ ප්‍රධානියා මියගොස් තිබේ.

 

අමෙරිකානු හමුදා පවසන්නේ , මෙය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුදැනුම මත ක්‍රියාත්මක කෙරුණු සංවිධානාත්මක ප්‍රහාරයක් බවයි.

ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රභූ ආරක්ෂ අංශ ප්‍රධානී, ජෙනරාල් ඛාසිම් සොලෙයිමාන් මෙම ප්‍රහාරයට ලක්වූයේ ඉරාකයේ බැග්ඩෑඩ් ගුවන්තොටුපොළේදීයි.

ප්‍රහාරයෙන් සොලෙයිමාන්ට අමතරව තවත් පිරිසක් මියගිය බවට සඳහන් වෙයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුදැනුම මත මෙසේ ගුවන්තොටුපොළ වෙත ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේය.

එහිදී සොලෙයිමාන් ස්ථිර වශයෙන්ම මියගිය බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

අනාගතයේදී ඉරාකයෙන් එල්ලවිය හැකි ප්‍රහාරයක් පාලනය සදහා මෙම පියවර ගත් බවත් අමෙරිකාව නිවේදනය කර තිබුණි.

මේ අතර ඉරාන ආරක්ෂක අංශ ද සොලෙයිමාන්ගේ මරණය තහවුරු කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ප්‍රහාරය අමෙරිකානු හෙලිකොප්ටර් යානා යොදාගෙන එල්ල කර ඇති බවත් නිවේදනයේ වැඩිදුරටත සඳහන් වෙයි.

Read more

Local News