2020 නව අවුරුද්ද උදාවී දිනක් ගතවී ඇතත්, එහි පැවැති උත්සව අසිරිය තවමත් නිමාවී නොමැත.
අවුරුදු උදාව සැමරීම සඳහා බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නුවර සුප්‍රකට කොපකබානා වෙරළ තීරයේ පැවැති මේ අපූරු සැණකෙලිය කාගේත් අවධානය දිනාගත්තේය.
සැණකෙලිය සඳහා විදේශිකයන් ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් වෙරළ තීරයට රැස්ව සිටි බව සඳහන්ය.
වෙරළ තීරයේ පැවති අලංකාර ගිනිකෙලි සංදර්ශනය කාගේත් වැඩි අවධානය දිනාගැනීමට සමත් වුණි.
එහිදී ටොන් 16.9ක් බරැති ගිනිකෙලි තොගයක් දල්වා ඇති බව විදෙස් වාර්තාවල සඳහන්ය.
නව දශකයක උදාවද සනිටුහන් කෙරෙන බැවින් 2020 වර්ෂය උදාව තවත් සුවිශේෂී වෙයි.
මේ හේතුවෙන් අවුරුදු උදාව සැමරීමට ලොව පුරා ජනතාව වැඩි උනන්දුවක් දැක්වූවේය.
කොපකබානා වෙරළ තීරයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දෙදහසක් පමණ යොදවා සිටි බවද විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්ය.




