සිසුවියන් දෙදෙනෙක් සමග හෝටල් කාමරයක සිටි ටියුෂන් ගුරුවරයෙකු අත්අඩංගුවට

Share

පාසල් සිසුවියන් දෙදෙනෙකු සමග නල්ලතන්නිය ප්‍රදේශයේ නවාතැන්පොළක රැඳී සිටි උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය පැවසුවේ වත්තේගම, පන්නිල පදිංචි 45 හැවිරිදි විවාහක උපකාරක පංති ගුරුවරයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

16 හැවිරිදි අදාළ සිසුවියන් දෙදෙනා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දෙමව්පියන් වෙත භාරදීමට පියවර ගන්නා බව පොලීසිය සඳහන් කළේ ය.

උපකාරක පංති ගුරුවරයා අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

Read more

Local News