දේශපාලන බලපැම්වලින් තොරවු ස්වාධින අධිකරණ පද්ධතියක් අද වනවිට රට තුළ නිර්මාණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
කළුතර ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, දේශපාලන ශක්තිය විශාල වශයෙන් ඇති නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා වැඩ කටයුතු සිදු කරන බවයි.
වැඩ කරන විට එක් එක් අය අත්අඩංගුවට ගන්නා බවත්, “දත් දොස්තර මහත්තයාව අත්අඩංගුවට ගන්න කොටම විටම අල්ල ගත්තා පපුව“ යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.
පසුව පෞද්ගලික රෝහලකින් මතු වෙන බවත් පැවසු ඒ මහතා, දොස්තර මහතාට මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් ඇති බවත් කියා සිටියේය.
කෙසේ වෙතත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුට ඇප හිමිවෙන බවත් කියා සිටි අමාත්‍යවරයා, දැන් රංජන් රාමනායක මහතා ද චිත්‍රපටයක් රඟ දක්වන ආකාරය දුටු බවත් පැවසීය.
වත්මන් රජයේ හා පසුගිය රජයේ ඇති වෙනස වන්නේ අධිකරණයේ ස්වාධීනත්වය බවත් කියා සිටි රාජ්‍ය අමාත්‍යවරයා, දේශපාලනිකව බලපෑම් එල්ල කළේ නම් රංජන් රාමනායක මහතා අද සිටිය යුත්තේ සිර ගෙදර වන බවත් කියා සිටියේය.



