ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක පැතිර යන ළැව් ගිනි වලින් මේ වන විට සතුන් මිලියන 480 ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියගොස් ඇති පුද්ගලයන් ගණන 24 ක්.
එරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක පමණ ඉහළ අගයක් පවතින බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් මේ වන විට එම කාලගුණික තත්වයේ වෙනසක් පෙන්නුම් කරමින් ඉදිරි දින කිහිපයේදී වැසි ඇදහැලෙනු ඇති බවට එරට කාලගුණ විද්‍යා බලධාරීන් අනාවැකි පළ කරයි.
මේ අතර ඕස්ට්‍රේලියාවේ ළැව්ගිනිවල බිහිසුණු බව කියාපාන දූවිලි කුනාටුවක දර්ශන පෙළක් බීබීසී පුවත් සේවය ඊයේ විකාශය කළේය.




