අඩු ආදායම්ලාභි අපොස සාමාන්‍ය පෙළ අසමත් තරුණ තරුණියන් ලක්ෂයකට රජයේ රැකියා අවස්ථා කඩිනමින් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.
කඩුවෙල පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ දශක තුනක් පැවති යුද්ධය අවසන් කළ ජනාධිපතිවරයා අද රටේ අගමැතිවරයා වන බවත් එදා සිටි ආරක්ෂක ලේකම්වරයා අද ජනාධිපතිවරයා වී ඇති බවත්ය.
එළඹෙන මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක ඡන්දයක් මන්ත්‍රීධූර බහුතර ප්‍රමාණයකින් ලබා ගන්නා බවත් පැවසු ඒ මහතා, ජනතා අවශ්‍යතා අනුව ව්‍යවස්ථාවේ අවශ්‍ය සංශෝධන සිදු කර ශක්තිමත් පාර්ලිමේන්තුවක් සකස් කරන බවත් පැවසීය.
අඩු ආදායම්ලාභී සාමාන්‍ය පෙළ සමත් නැති පුද්ගලයින්ට රැකියා අවස්ථා ලබා දෙන බව ජනාධිපතිවරයා කොහේ දී හෝ පැවසුවේ නැති බවත්, නමුත් එතුමා අද වන විට එම සංකල්පය ක්‍රියාත්මක කර ඇතැයි ද සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේය.
මේ වන විට එයට අවශ්‍ය මුලික වැඩපිළිවෙල සකස් කරමින් සිටින බවත්, සාමාන්‍ය පෙළ හෝ සමත් නොමැති නම් රාජ්‍ය සේවයේ පහළ තනතුරකට හෝ එක්විය නොහැකි බවත් ඔවුන් බොහෝමයක් අඩු ආදායම් ලාබී පවුල්වල අය බවත් මෙහි ඇති ගැටළුව ජනාධිපතිවරයා ඉතා පැහැදිලි ලෙස නිරීක්ෂණය කළ බවත් අමාත්‍යවරයා පැවසීය.



