ඉදිරියේදී රජය කැලි කසල කළමණාකරණය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරන බවත් විද්‍යාත්මක ලෙස කැළි කසළ ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා ජාතික සැලැස්මක් අවශ්‍ය බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාතර කොටවිල ප්‍රදේශයේ ඉදි වන නව අධිකරණ සංකීර්ණයේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට අද (06) එක්වෙමින්.
එහිදි අදහස් දැක්වු අමාත්‍යරයා පැවසුවේ රුපියල් බිලියන එකයි දශම දෙකක් වියදම් කර ඉදි කර ඇති මාතර නව අධිකරණ සංකීර්ණය ඉතා කඩිනමින් ජනතා අයිතියට පත් කළ යුතු බවයි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යරයා,
“ගොඩනැගිලි ඉදි කර ඇති ආකාරය ඉතා හොදයි.මෙම නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමට ඇති බාධාවන් ඉවත් කර ගෙන එය විවෘත කළ යුතුව තිබෙනවා.
විශේෂයෙන්ම නීතිඥවරුන් සදහා කාර්යාල පහසුකම් නැහැ.එය ගැටළුවක් බවට පත් ව තිබෙනවා.ඒ සදහා වහාම නිතීඥරුන් 195 දෙනෙකුට අවශ්‍ය කාර්යාල ගොඩනැගිලි ඉදි කිරීමට අවශ්‍ය ඉඩම ලබා දුන්නා.
ඔවුන් මාස තුනක් තුළ කාර්යාල සංකීර්ණය ඉදි කර අවසන් කිරීමට එකග වෙලා තිබෙනවා.මේ අධිකරණ සංකීර්ණයේ ඉතිරි වැඩ අවසන් කර ජනතා අයිතියට කඩිනමින් පත් කළ යුතුයි.
මාතර ජනතාවට අවශ්‍ය අනෙකුත් පහසුකම් මෙම ස්ථානයේ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.අධිකරණයේ අවට ජනතාවට උපරිම ආකාරයේ ප්‍රයෝජන ලබා ගත හැකි ආකාරයෙන් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
මෙම අධිකරණ සංකීර්ණය ඉදි කරලා තියෙන්නේ ඉතා විශාල මුදලක් වියදම් කරලයි.ඒ නිසා ජනතා මුදල් වල ප්රතිලාභ කඩිනමින් ජනතාවට ලබා දිය යුතුයි.”
මෙහිදි මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්න සදහාද අමාත්‍යරයා පිළිතුරු ලබා දුන්නේය.
ප්රශ්නය-බන්ධනාගාර රැදවියන් සදහා පුහුණු මධ්‍යස්ථානයක් මේ වන විට මේ අසලින්ම ඉදි කිරීමට ආරම්භ කරලා තියෙනවා.නමුත් ඉදි කිරීම් සිදු වෙන්නේ නැහැ.
පිළිතුර-නව බන්ධනාගාරයක් සදහා අවශ්‍ය අක්කර හයක බිම් ප්‍රමාණයක් ලබා දී තිබෙනවා 2021 අය වැය තුළින් තමයි මුදල් වෙන් කරන්න වෙන්නේ දැන් මෙතන බිලියන එකයි දශම දෙකක් වැය කරලා තියෙනවා බන්ධනාගාරයයි උසාවියයි සියල්ල ඉදි කරන්න ඕන පියවරින් පියවර ඒ වැඩ කටයුතු ඉටු කරලා දෙනවා.
ප්රශ්නය -යාබදව ඇති කුණු කන්ද නිසා මේ ප්‍රදේශයේ දුගද හමන තත්වයකට පත් වෙලා තිබෙනවා උසාවිය විවෘත කළායින් පසුවත් මෙම තත්වය එහි කටයුතු වලට බාධාවක් නේද?
පිළිතුර -ඔව් බාධාවක් තමයි නමුත් මේ කුණු ප්රශ්නය මාතර විතරක් නෙමෙයි අපි ඉන්න බදුල්ලේත් මේ ප්රශ්නය තියෙනවා මේක මුළු ලංකාවේම තිබෙන ප්‍රශ්නයක් අපේ රජය මගින් ඉදිරියේදී කැලි කසල කළමණාකරණය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරනවා විද්‍යාත්මක ලෙස මේ කැළි කසළ ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි ඒ සදහා ජාතික සැලැස්මක් අවශ්‍යයි.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ,අමාත්‍යාංශයේ ලේකම් ජේ .ජේ රත්නසිරි , මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් දසනායක මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද මෙම අවස්ථාව සදහා එක් විය.
මාතර අධිකරණ සංකීර්ණයේ රාජකාරී සදහා සහභාගි වන නීතිඥවරුන්ට අවශ්‍ය කාර්යාල පහසුකම් ලබාදීමට අවශ්‍ය නීතිඥ සංකීර්ණය මාස තුනක් වැනි කාලයක් තුළ නිම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහිදි අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර ඒ සදහා අවශ්‍ය ඉඩම් නිසි පරිදි නිතිඥ සංගමය වෙත පවරා දෙන ලෙසද උපදෙස් ලබා දුන්නේය.
නව අධිකරණ සංකීර්ණයේ වැඩ අවසන්ව ඇති බැවින් කළ යුතුව ඇති ඉතිරි සුළු වැඩ කොටස ද කඩිනමින් අවසන් කිරීමටත් අධිතරණ සංකීර්ණය හැකි උපරිම ඉකිමනින් ජනතා අයිතියට පත් කිරීමටත් මෙහිදි තීරණය විය.



