වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිය ජතිකයින් 136දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වැඩ බලන පොලිස්පිතිවරයාගේ නියෝග පරිදි වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටින විදේශිය ජාතිකයින් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ (05) රාත්රී 10 සිට අද (06) උදෑසන දක්වා දිවයින පුරා ආවරණය වන සිදු කර තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලද විදේශිය ජාතිකයින් අතර,
ඉන්දියාව 82යි, පකිස්ථානය 12යි, මාලදිවයින 10යි, නයිජිරියා 08යි, බංගලාදේශය 06යි, චීනය 04යි, කැනඩාව 04යි, තායිලන්තය 02යි, ස්විස්ටර්ලන්තය 02යි, ඇමරිකාව 01යි, කටාර් 01යි, ස්වීඩනය 01යි, ඇෆ්ගනිස්තානය 01යි, ඊශ්රායලය 01යි, කොරියාව 01යි.



