නැණ ගුණ සපිරි දරු පරපුරක් නිර්මාණය කළ යුතුයි

Share

නැණ ගුණ දෙකෙන්ම සමන්විත දරු පරපුරක් නිර්මාණය කිරීම සැමගේ වගකීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

මහනුවර පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මහනුවර ඉදි කෙරුණු චන්දාන්ද බාලිකා විද්‍යාලය සිසු අයිතියට පත්කිරීම අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

“මිනිස් සමාජයක් ශිෂ්ඨ සම්පන්න වෙන්න නම් මම විශ්වාස කරනවා නැණ ගුණ දෙකම අනිවාර්යෙන්ම තියෙන්න ඕන. අද පාසැල්වලින් බොහෝ දුරට ලැබෙන්නේ නැණ විතරයි.

ගුණ ගැන කතා වෙන්නෙත් නෑ ලැබෙන්නෙත් නෑ කියලයි මම විශ්වාස කරන්නේ. මම දන්න විදිහට තමවත් පාසැල්වල  දිනකට විනාඩි 40 ක් සතියක දෙවරක් විතරයි ආගම වෙනුවෙන් වෙන් වෙලා තියෙන්නේ.

ඒ විනාඩි 40 ට ආගමික වැඩසටහන් කරනවා මිස ගුණ පිළිබඳව අවබෝධයක් ලබනවද කියල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසාම  අපි පටු කල්පනාකාරයෝ සමාජයට බිහි කරනවා. මේ තත්වය වෙනස් කරන්න කාලය ඇවිල්ලා තියෙනව කියලයි අපි විශ්වාස කරන්නේ.“

අනතුරුව අග්‍රාමාත්‍යවරයා මහනුවර දළදා මාලිගයට ගොස් දළදා සමිදුන් වැඳ පුදාගත්තේය.

Read more

Local News