කෙටි කාලයක් තුළ දැඩි ප්රසිද්ධියක් ලැබූ ජෝකර් චිත්රපටයේ ජෝකර්ගේ චරිතයට පණ පෙවූ Joaquin Phoenix ලොව හොඳම සිනමා නළුවාට හිමි සම්මානය දිනාගැනීමට සමත් වී ඇත.
ඒ අමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හිදී පැවැත්වෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේදීයි.
එහිදී හොඳම චිත්රපටය ලෙස 1917 සම්මාන දිනාගත් අතර හොඳම ප්රහසන චිත්රපටය ලෙස ‘‘වන්ස් අප් ඔන් අ ටයිම් ඉන් හොලිවුඞ්’’ සම්මාන දිනාගනු ලැබීය.