කොළඹ විශ්වවිද්‍යාලයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් අද (11) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
එම සිසුන් අද අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
පසුගිය 08 වනදා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.
ඔවුන් දෙදෙනා මේ වන විටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
අදාල ගැටුම සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකදී සිද්ධියට අදාලව සිසුන් 12 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි.
එලෙස අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ



