එළඹෙන මහමැතිවරණයේ දී වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කළුතර උතුර සුගත විද්‍යාලයේ ඊයේ පැවති වැඩසටහනක දී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.



