ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා අලුතින් වඩා සැප පහසු බස් රථ දෙදහසක් මිලදී ගැනීම සඳහා මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව මහින්ද අමරවීර මහතා පවසයි.
මීතොටමුල්ල ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ.
අලුතින් බස් රථ 500ක් ගැනීමට කැබිනට් අනුමැතිය මේ වන විට ලැබී ඇති බවත් ඉදිරියේ දී බස් රථ දෙදහසක් මිලදී ගැනීම සඳහා මේ වන විට සාකච්ඡා පවත්වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



