පසුගිය 2019 වසරේ ඩෙංගු මදුරුවන් බෝ වන ලෙස පරිශ්‍ර පවත්වා ගෙන ගිය රාජ්‍ය ආයතන 138 කට එරෙහිව නඩු පැවරූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, එම වසර තුළ රාජ්‍ය ආයතන 2068 ක් පරීක්ෂා කළ බවයි.
ඉන් පරිශ්‍ර 168 ක් මදුරු කීටයන් බෝ විය හැකි ලෙස, පවත්වා ගෙන ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ , පසුගිය වසරේ පාසල් 1494 ක් ද පරීක්ෂා කළ බවයි.
එහිදී මදුරු කීටයන් බෝවිය හැකි ලෙස පරිශ්‍ර පවත්වා ගෙන ගිය පාසල් සංඛ්‍යාව 259 ක් ලෙස හඳුනා ගෙන තිබේ.
පසුගිය වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දිප ව්‍යාප්තව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් 12 ක් ක්‍රියාත්මක කර ඇති අතර එහිදී පරීක්ෂා කර ඇති පරිශ්‍ර සංඛ්‍යාව හය ලක්ෂ පනස් දෙදෙහස් 897 කි.
ඉන් පරිශ්‍ර එක් ලක්ෂ පනස් හය දහසක් මදුරු කීටයන් බෝවිය හැකි ලෙස , පවත්වා ගෙන ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ, එහිදී මදුරු කීටයන් සිටි පරිශ්‍ර 21 , 585 ක් සොයා ගත් බවයි.
ඩෙංගු රෝගය පාලනය සඳහා විශේෂ වැඩසටහන් මේ වන විටත් දීප ව්‍යාප්තව ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, පසුගිය 07 , 08 සහ 09 යන දිනවලදී දිස්ත්‍රික්ක කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වූ ඩෙංගු මර්දන වැඩසටහන්වලදී පරිශ්‍ර 46 ,065 ක් පරීක්ෂා කළ බවයි.
වසරේ ගතවූ කාල සීමාව තුළ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 600 කට අධිකයි.



