‍මහනුවර පොලිතීන්වලින් තොර කිරිමට පියවර

Share

මහනුවර නගරය පොලිතීන්වලින් තොර කලාපයක් කිරිමේ මූලික පියවර අදින්(16) ආරම්භ වී තිබේ.

 

මේ පිළිබඳව ව්‍යාපාරිකයින් සහ ප්‍රදේශවාසීන් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද දිනයේ මහනුවර මහ නගර සභාවේ නිලධාරින්ගේ මැදිහත්විමෙන් සිදු විය.

ඒ පිළිබඳව එම නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ ඉංජිනේරු නිමල් දිසානායක මහතා පවසා සිටියේ, පොලිතින් භාවිතයෙන් ඇතිව තිබෙන සෞඛ්‍ය ගැටළුමත මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව පොලිතීන් භාවිතය අවම කිරීම සඳහා සභා තීන්දුවක් ගෙන ඇතැයි ද ඒ මහතා පැවසීය.

ඒ අනුව මහනුවර දියත් කර ඇති හර්තාල් ව්‍යාපාරය සමඟ සියලු දෙනා එකතු වී අද සිට පොලිතීන් නැති කිරීමට එක් වන ලෙසත් ඒ මහතා කියා සිටියේය.

Read more

Local News