අබිමන් ලංකා සමාජ ප්රජාතන්ත්රවාදී සන්ධානය මහමැතිවරණය වෙනුවෙන් තම ප්රචාරක කටයුතු අරඹයි
ශ්‍රී ලංකාවේ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය, ජාතික සංවර්ධන පෙරමුණ සහ අබිමන් ලංකා සංවිදානය ඇතුළු සිවිල් සංවිධාන රැසක් එකතුවී ගොඩ නැගුණු අබිමන් ලංකා සමාජ ප්රජාතන්ත්රවාදී සන්ධානය පසුගිය 19 වෙනිදා නිල වශයෙන් ඉදිරි මහ මැතිවරණයේ තම ප්රචාරක කටයුතු ආරම්භ කරන ලදී.
එම සන්ධානයේ සභාපති ලෙස පසුගිය ජනාධිපතිවරණයේ ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වු ආචාර්ය රොහාන් පල්ලෙවත්ත මහතා කටයුතු කරන අතර එහි ලේකම් ලෙස දිනේෂ් කීර්තිනන්ද මහතා සහ ජාතික සංවිධායක ලෙස ආනන්ද ස්ට්වන් මහතා කටයුතු කරනු ලබයි. සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ සභාපතිත්වය දරණ මහාචාර්ය ක්‍රිශාන් දෙහෙරගොඩ මහතා එම සංධානයේ උපදේශකයකු ලෙස කටයුතු කරයි.
ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්ක කරමින් තම පළමු ප්රචාරක කටයුතු ලෙස ලංකාව පුරා ඇති සියළු ආසන ආවරණය වන පරිදි සමුළු මාලවක් පැවැත්වීමට අබිමන් ලංකා සමාජ ප්රජාතන්ත්රවාදී සන්ධානය මේ වනවිට කටයුතු සංවිධානය කර ඇති අතර සියළුම ආසන වෙනුවෙන් මෙවර මහමැතිවරණයේදී උගත් විද්වත් පිරිසක් තම සන්ධානය හරහා රටේ පාර්ලිමේන්තුවට යැවිමට කටයුතු කරන බව එම සන්ධානයේ ලේඛම් දිනේශ් කීර්තිනන්ද මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිහ.



