Home දේශීය පුවත් එජාපෙ කියන්නේ එක්කෙනෙක්ගේ බූදලයක්ද ?

එජාපෙ කියන්නේ එක්කෙනෙක්ගේ බූදලයක්ද ?

0
එජාපෙ කියන්නේ එක්කෙනෙක්ගේ බූදලයක්ද ?

බහුතර මතයට ඇහුම්කන්දී පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසයි.

 

අනුරාධපුරදී මාධ්‍ය අමතමින් ඇය සඳහන්කළේ ජනාධිපතිවරණයට මුහුණදුන් ආකාරයෙන් ඉදිරි මහමැතිවරණයට මුහුණ දියි නොහැකි බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇය පවසා සිටියේ, එක්සත් ජාතික පක්ෂය යනු එක් අයෙකුගේ බූදලයක් නොවන බවයි.

දෙමව්පියන්ගේ හිමිකාරිත්වයෙන් ලියා දුන් දෙයක් නොවන බවත් පාක්ෂිකයින්ගේ හා ඡන්ද දායකයන්ගේ පක්ෂයේ අයිතිකරුවන් බවත් එතුමිය පැවසීය‍

පාර්ලිමේන්තු මැතිවරණයට ඇත්තේ බොහෝ කෙටි කාලයක් ඇති බවත්, පසුගිය ජනාධිපතිවරණයේ දි ද සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය අවසන් මොහොතේ ලබා දුන් බවත් කියා සිටියාය.

ජනතාවගේ හඬට ඇහුම්කන් දී බහුතරයක් පවසන දෙයට අවධානය යොමු කර තීරණයක් ගත යුතු බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here