වත්මන් ආණ්ඩුව තෙල් මිල වැඩි කරයිද ?

Share

වත්මන් රජය ජනතා ප්‍රශ්න අමතක කර හඬපට පෙන්වා මහමැතිවරණයේදී ජනතා ඡන්දය කොල්ලකෑමට සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

 

ගාල්ලේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, දින 70 ක් ගොස් හාල් කිලෝවක මිල අඩු කර ගැනීමට පවා නොහැකි වු බවයි.

එළවළු මෙන්ම අනෙකුත් හැම දෙයක්ම කර ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත් පැවසු මන්ත්‍රීවරයා, අනෙක් අතින් තෙල් මිල  අඩු කිරීමට හැකියාවක් ලැබී නැතැයි ද පැවසීය.

නොබෝ දිනකින් වත්මන් ආණ්ඩුව තෙල් මිල වැඩි කර, බස් ගාස්තු ද වැඩි කිරීමෙන් ජනතාව ඉදිරියේ දී කබලෙන් ළිපට වැටෙන තත්ත්වයක් උදා වී ඇතැයි කියා සිටියේය.

ජනතාවට “කැරට් පෙන්නලා“ ජනතා ප්‍රශ්න අමතක කර ඇතැයි ද පැවසු ඒ මහතා, අද වන විට රන්ජන් රාමනායකගේ හඬපටවලින් වත්මන් රජය ඡන්දය මංකොල්ල කෑමට සුදානම් වන බවත් පැවසීය.

පාර්ලිමේන්තු මැතිවරණයට එන විට ජනතාවට සියලු පොරොන්දු ලබා දී බලා සිටින බවත් කියා සිටි ඒ මහතා කියා සිටියේය.

Read more

Local News