ජයම්පති වික්‍රමරත්නගේ මන්ත්‍රී පුටුව සමන් රත්නප්‍රියට

Share

ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන් රත්නප්‍රිය මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

 

මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ ගැසට් නිවේදනය ඊයේ(27) දිනයේ නිකුත් කරනු ලැබුවේය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වු ජයම්පති වික්‍රමරත්න මහතා පසුගියදා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර අදාළ පුරප්පාඩුව සඳහා පක්ෂයේ ලේකම්වරයා විසින් සමන් රත්නප්‍රිය මහතාගේ නම යෝජනා කර තිබේ.

ඒ අනුව අට වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස සමන් රත්නප්‍රිය මහතා තෝරාපත් කරගන්නා ලද බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.

Read more

Local News