මුඛ ආවරණ කඩිනමින් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි, ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
එහි ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ මහතා පැවසුවේ, කොරෝනා වෛරසයත් සමග වෙළෙඳ පොළේ පවතින මුඛ ආවරණ හිඟයට විසඳුම් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි.
කඩිනමින් මුඛ ආවරණ නිෂ්පාදනය ඉහළ නංවන ලෙසට දේශීය නිෂ්පාදකයින්ට ද උපදෙස් දී ඇතැයි ඔහු සඳහන් කළේ ය.



