කොරෝනා අසාදිත චීන කත රැදි සිටි ස්ථාන ගැන තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයට

Share

කොරෝනා වසංගතය පිළිබද මෙරට සංචාරක ක්ෂේත්‍ර යේ සියලුම පාර්ශව දැනුම්වත් කිරීමට පියවර ගත් බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එක්ව මේ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් සිටින බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

 

ඒ අනුව හෝටල් හා ලැගුම්හල් හිමියන් හා සේවකයන්, සංචාරක මග පෙන්වන්නන්  සංචාරක කුලී රථ රියදුරන්, සංචාරක ත්‍රී රෝද රථ රියදුරන් දැනුම්වත් කිරීමට අපේක්ෂිතයි.

කොරෝනා අසාදිත චීන කාන්තාව රැදී සිටින බව කියන හෝටල්, ඇය ගැවසුණු ස්ථාන, ඇය ඇතුළු කණ්ඩායමට මග පෙන්වු අය පිළිබද සියලු තොරතුරු මේ වන විට සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය මගින් සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදංචි වී ඇති හෝටල් සංඛ්‍යාව 2000කට ආසන්නය. අධිකාරියේ ලියාපදිංචි නොවු හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ලැගුම්හල් හා වෙනත් ආයතන 2000 ක් පමණ රටපුරා ව්‍යාප්ත වී තිබේ. සංචාරක ක්ෂේත්‍ර ලක්ෂයකට අධික පිරිසක් සෘජු හා වක්‍ර රැකියා වල නිරතව සිටිති.

මේ අතර කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් මගීන් නව කොරෝනා පරික්ෂාවට ලක් කිරීම සදහා සෞඛ්‍ය අංශ වෙත අවශ්‍ය සියලුම පහසුකම් ලබා දෙන ලෙස ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට අද (29) උපදෙස් දුන්නේය.

Read more

Local News