රන්ජන් පෙබරවාරි 12තෙක් රිමාන්ඩ්

Share

අධිකරණ කටයුතුවලට බාධාකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නුගේගොඩ පෙබරවාරී 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද(29) ඉදිරිපත් කර තිබුණි.

අත්අඩංගුවට ගැනුණු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පසුගිය පළොස්වෙනිදා සිට අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණ විනිසුරුවරුන්, අධිකරණ තෝල්ක නිලධාරියෙක් ඇතුළු විවිධ පාර්ශ්ව සමඟ  කළ ආන්දෝලනාත්මක සංවාද ඇතුළත් හඬපට  ප්‍රසිද්ධියට පත්විමත් සමග ඒ මහතා අත්අඩංගුවට ගැණුනි.

ඒ අනුව මේවන විට අදාල නඩු විභාගය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළේය.

Read more

Local News