කොරෝනා මර්දනයට විපක්ෂයේ සහයෝගය

Share

කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා විපක්ෂයේ සහයෝගය මේ මොහොතේ ආණ්ඩුවට ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

 

ජා ඇල ප්‍රදේශයේ දි  මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පවසා සිටියේ, රටේ හා ලෝකයේ මේ වන විට ඉතා භයානක රෝගී තත්ත්වයක් ඇතිව තිබෙන බවයි.

සෞඛ්‍ය අමාත්‍යවරිය හා ජනාධිතිවරයා පමණක් මේ පිළිබඳව අවධානය යොමු කර ඇති බව පෙනී යන බවත් පැවසු මන්ත්‍රීවරයා, විපක්ෂයක් ලෙස මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය ලබා දීමට සුදානම් බවත් පැවසීය.

රජයේ රෝහල්, ෆාමසි සහ අනෙකුත් ස්ථානවල මුඛ ආවරණ මේ වන විට විශාල මුදලකට හා එහි හිඟතාවයක් දක්නට ලැබෙන බවත් පැවසු මන්ත්‍රීවරයා, ඒ සම්බන්ධයෙන් රජයක් ලෙස මැදිහත්ව ජනතාවට මුඛ ආවරණ නොමිලේ හෝ ලබා දීමට කටයුතු කරන ලෙස ද කියා සිටියේය.

එමෙන්ම විපක්ෂයක් ලෙස රජයට අවශ්‍ය ශක්තිය ලබා දීමට ද සුදානම් බව ඒ මහතා තව දුරටත් පැවසීය.

Read more

Local News