ඉදිරියේ දි විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බව රවී කියයි

Share

ඉදිරියේ දි විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බවත් ඒ පිළිබඳව රජයේ අවධානය වහා යොමුවිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

 

කොළඹ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ඒ පිළිබඳව තමන් ජනාධිපතිවරයාද දැනුවත් කිරීමට කටයුතු කළ බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, විදුලිබල මණ්ඩලයේ හා විදුලිබල අමාත්‍යාංශයේ පසුගිය මාස 11 තුළ පෙරළියක් ඇති කළ බවයි.

තමා නාස්තිය අවම කර නිවැරදි මාර්ගයට ගෙන ඒමට කටයුතු කර ඇතැයි පැවසු ඒ මහතා, මේ සම්බන්ධයෙන් දන්නා බැවින් මේ ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් පැවසීය.

මේ ආකාරයෙන් සිදුවුවහොත් විදුලිබල අර්බුදයක් තවත් මාස 3ක් ඇතුළත එන බවත්, මේ ප්‍රශ්නයේ දී එජාපයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවත් පැවසු මන්ත්‍රීවරයා, අවශ්‍ය වෙනස් කම් සිදු කරන ලෙසත් කියා සිටියේය.

පරිපාලනමය ගැටළු රැසක් ඇති බවත් පැවසු රවී කරුණානායක මහතා, විදුලි ඉංජිනේරුවන් අතර ප්‍රතිපත්තිමය ගැටළු ඇති බවත් පැවසීය.

Read more

Local News