පසුගිය රජය විසින් විවිධ ව්‍යාපෘති සඳහා නොගෙවු මුදල් ගෙවීම සදහා රජය තීරණය කර ඇත.
ඒ අනුව පසුගිය රජයේ හිඟ මුදල් ගෙවීම් සිදු කිරීමට බිලියන 130ක පරිපූරක ඇස්තමේන්තුවක් වෙන් කිරීමටයි තීරණය කර ඇත්තේ.
ඒ සදහා වන පරිපූරක ඇස්තමේන්තුවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වු බවයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසන්නේ.
අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියේය.



