තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් දස දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ ඉහළ කොටසේ තේ වත්තේ විශාල ගලක බැද තිබු බඹර කුඩුවක් අච(30) දහවල් 12.30ට පමණ ඇවිස්සි තමන්ට පහර දුන් බව බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරු කාන්තාවන් කියා සිටියේය.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ තේ වතු ආශ්රිත බඹර කුඩු විශාල සංඛ්‍යාවක් බැද ඇති බවත්, සුළු ශබ්දයකදි පවා බඹරුන් ඇවිස්සි තමන්ට පහර දෙන බව වතු කම්කරුවන් පැවසීය.
බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය පරික්ෂණ පවත්වයි.



