රෝසි-ඉම්තියාස් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවතට

Share

කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා යන අය එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය ඉවත් කර තිබේ.

 

ඒ අනුව ඔවුන් දෙදෙනාට අද(30) පස්වරුවේ පැවැත්වෙන එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමට සහභාගී විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්යානධිකාරි මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 03.00ට රැස්විමට නියමිතව තිබේ.

එහිදී පක්ෂයේ නායකත්වය ඇතුළු පක්ෂයේ පවතින ගැටළු සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණිමට නියමිත බව සඳහන්.

Read more

Local News