චීන කත හැර වෙනත් ‍කොරෝනා ආසාදිතයෙකු මෙරටින් වාර්තා වෙලා නෑ

Share

චීන ජාතික කාන්තාව හැර කිසිදු ‍කොරෝනා වෛරස ආසාදිතයෙකු මේ වන තෙක් මෙරටින් හඳුනාගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

එම අමාත්‍යාශයේ වසංගත රෝග විද්‍යා අංශය වූ පෙන්වා දෙන්නේ එම කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය ද මේ වන  විට සුව අතට හැරී ඇති බවයි.

සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 17 දෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබයි.

කෙසේවෙතත් සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් ඇතුළත් කළ තවත් පුද්ගලයින් 05 දෙනෙකු ගත වූ පැය 24 තුළ රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ.

මේ අතර චීනයේ සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු පිරිස් අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රමවේදයන් සම්බන්ධයෙන් දැනුවත් කිරිමට පියවර ගෙන ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Read more

Local News