ගූගල් චීන-හොංකොං සහ තායිවාන කාර්යාල තාවකාලිකව වසයි

Share

ලොව ප්‍රකට ගූගල් සමාගමේ චීන හොංකොං සහ තායිවාන කාර්යාල තාවකාලිකව වසා දැමීමට එම සමාගම තීරණය කර ඇත.

 

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ගූගල් සමාගම මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව චීනය, හොංකොං සහ තායිවානයේ පිහිටි ගූගල් සමාගමට අයත් සියලුම කාර්යාල වසා දැමෙන බව සඳහන්.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට ප්‍රධාන පෙලේ සමාගම් රැසක් චීනය තුළ පිහිටි සිය ආයතන තාවකාලිකව වසා දමා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News