ස්වදේශික කර්මාන්තකරුවා අපි ආරක්ෂා කරනවා – විමල්

Share

ව්‍යවසායකයින්ට දරාගත හැකි පොළී අනුපාතයක් යටතේ ණය ලබාදීමේ ක්‍රමවේදයක් ඉදිරි කාලය තුළ ස්ථාපිත කරන බව කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

 

මාතර දී ඊයේ(30) පැවති ජන රැළියක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රත්පත්ති ප්‍රකාශනය අනුව, ස්වදේශික කර්මාන්තකරුවා නඟා සිටු වීමට බැඳී සිටින බවයි.

බදු ප්‍රතිපත්තිය තීරණය විය යුත්තේ ස්වදේශික ව්‍යාපාරිකයා හා ව්‍යසායකයා මත බවද පැවසු අමාත්‍යවරයා, එය ලෝක වෙළඳ සංවිධානයට අවශ්‍ය පරිදි සිදු කළ නොහැකි බවද පැවසීය.

වර්තමාන ජනාධිපතිවරයා බලයට පැමිණ ඉතා කාලයක් තුළ දී හඳුන්කූරු මෙරටට ගෙන්වීම නැවැත්වු බවත් පැවසු ඒ මහතා, වෙසක් කූඩුවත් පිරටින් ගෙන්වන තත්ත්වයකට රට ඇඳ වැටී තිබු බවත් කියා සිටියේය.

ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය තීරණ රැසක් ජනාධිපතිවරයා ගනු ලැබු බවත්, ලංකාවේ කර්මාන්තකරුවාට දරා ගත හැකි පොලී අනුපාතයක් මත ණය ලබා ගැනීමට අවස්ථාව ඉදිරියේ දී රජය තුළින් ඇති කරන බවත් වීරවංශ මහතා පැවසීය.

Read more

Local News