ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන මාසයේදී තෙදින ඉන්දීය සංචාරයක නිරතවීමට නියමිතයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව එම සංචාරය සිදුවන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
පෙබරවාරි 07වනදා ඉන්දියාවට පැමිණෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 11 වන දින දක්වා ඉන්දියාවේ රැඳී සිටිමින් ද්විපාර්ශවික සාකච්ඡාවල නිරතවනු ඇත.
අග්‍රාමාත්‍යවරයා ඉන්දීය සංචාරයේදී වරණාසි, සාරානාත්, බුද්ධගයා සහ තිරුපති යන ප්‍රදේශවලද සංචාරය කිරීමට නියමිතයි.
මේ අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තදබල ලෙස පියවර ගැනීමට පොලීසියට දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මොරටුව බෞද්ධ මන්දිරස්ථ සෑ රඳුන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.



