කොරෝනා ආසාදිත බවට සැක සහිත රෝගීන් 15238ක්

Share

කොරෝනා වෛරස ආසාදිත බවට සැක සහිත රෝගීන් 15,238ක් වාර්තා වී ඇති බවද චීන පුවත් සේවා පවසයි.

 

මේ අතර ලොව පුරා රටවල් 18කින් රෝගීන් 100කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති නමුත් කිසිඳු මරණයක් මේ වනතෙක් වාර්තා වී නොමැත.

වෛරසය අසාදනය වූ පුද්ගලයින් බහුතරයක් වෛරසයේ තිඹිරි ගෙය ලෙස සැළකෙන වූහාන් නගරයේ සංචාරය කළ පුද්ගලයින් බවට අනාවරණ වී තිබේ.

කෙසේ වෙතත් ජර්මනිය, ජපානය සහ අමෙරිකාව යන රටවල්වලින් වෛරසය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේශණය වන බවට තහවුරු කළ හැකි සිදුවීම් අටක් වාර්තා වී තිබුණි.

මේ අතර ඊයේ රාත්‍රියේදිත් සිචුවාන් සහ චෙන්ඩුහි සිටි ශ්‍රි ලාංකික සිසුන් 61කට ආසන්න පිරිසක් යළි දිවයිනට  පැමිණියේය.

මේ අතර චීනයේ වුහාන් නගරයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විශේෂ ගුවන් යානයක් එම නගරයට යැවීම සම්බන්ධයෙන් ශ් ලංකා රජය කළ ඉල්ලීම පිළිබඳව චීනයේ කඩිනම් අවධානය යොමුව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්යාංශ ලේකම් රවිනාත ආරියසිංහ මහතා ප්‍රකාශ කළේ වූහාන් නගරයේ සහ හුබෙයි පළාත තුළ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් මුදාගන්නා තෙක් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය තහවුරු කිරීමට හුබෙයි පළාතේ විදේශ කටයුතු කාර්යාලය සහ වූහාන් නගර සභාව සමඟ සමීපව කටයුතු කරන බවයි.

වුහාන් නගරය තුළ මේ වනවිට ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු සිටින බව අනාවරණය වී තිබේ.

ඔවුන් පිළිබඳව බීජිං අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමගත් චීන බලධාරීන් සමගත් නිරන්තරයෙන් අදහස් හුවමාරු කර ගනිමින් සිටින බව විදේශ ලේකම්වරයා සඳහන් කළේය.

කෙසේවෙතත් තවදුරටත් චීනයේ රැඳී සිටින සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්යාව 284 කි.

පසුගිය දින කිහිපය තුළදී ඔවුන්ගෙන් 580 දෙනෙකු මෙරටට ගෙන්වා ගෙන ඇති බවයි වාර්තා වෙයි.

Read more

Local News