ලක්සම්බර්ග් රාජ්‍ය විදේශ කටයුතු ඇමති දිවයිනට

Share

ලක්සම්බර්ග් රාජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ජීන් ඇසෙල්බර්න් මහතා සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

 

ඊයේ(30) රාත්‍රීයේ ඒ මහතා දිවයිනට පැමිණි බව අප වාර්තාකරු පවසයි.

සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ලක්සම්බර්ග් රාජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ජීන් ඇසෙල්බර්න් මහතා පිළිගනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවිනාත ආරියසිංහ මහතා විසින්ය.

ඒ මහතා අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමට නියමිත අතර  අද පස්වරුවේ යළි දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

Read more

Local News