ගුවන්තොටුපළට නොමිලේ නව බස් රථ සේවයක්

Share

කටුනායක ගුවන් තොටුපළ වෙත විදේශ ගත වීම සදහා බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන්ට, ගුවන් තොටුපළ දුම්රිය ස්ථානයේ සිට නොමිලේ ක්‍රියාත්මක වන නව බස් රථ සේවාවක් ඊයේ (30) දින සවස ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

 

මෙම නව බස් රථ සේවාව සදහා වායුසමනය කළ බස් රථ 02ක් , දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක වන ආකාරයට සේවයේ යොදවා තිබේ .

මීට පෙර අවස්ථාවවල බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන්, තම ගමන් මලු රැගෙන, මෙම දුර පා ගමනින්, අව් වැසි මැද දුෂ්කර ගමනක යෙදුණු අතර, මෙසේ අපහසුතාවට පත් වි සිටි ගුවන් මගීන් ත්‍රිරෝද රථ සහ කුලි  රථ රියැදුරන් විසින් විශාල මුදල් අයකර ගුවන් තොටුපළ වෙත රැගෙන යෑම ද සිදු කළහ.

මේ තත්ත්වය ජනාධිපතිතුමා වෙත වාර්තා වීමෙන් පසුව ,  එතුමාගේ නිර්දේශ මත  මෙම නව බස් රථ සේවාව ආරම්භ වී තිබේ.

Read more

Local News