විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරියේදී ඇති කර ගැනීමට නියමිත නව සන්ධානයේ නායකත්වය, ලේකම් පත් කිරීමේ බලය, නාමයෝජනා මණ්ඩලය පත් කිරීමේ බලය, විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලය ඇතුළු සියලූම බලතල ලබා දීමට තීරණය කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ය.



