කොළඹ සහ යාපනය නව ගුවන් සේවාවක් හෙට (01) සිට ආරම්භ කිරීමට නියමිතයි.
රට තුළ අභ්‍යන්තර ගුවන් ගමන් දියුණු කිරිමේ රජයේ ප්‍රතිපත්තියට අනුව මෙය ක්‍රියාත්මක බව කාර්මික අපනය ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් මෙරට අභ්‍යන්තර ගුවන්සේවා පුළුල් කරන බව සහතික වී තිබේ.
ඒ අනුව යාපනය, මඩකලපුව, මත්තල, කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතවද අභ්‍යන්තර ගුවන් ගමන් වැඩි දියුණු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු ඇත.
යාපනය පලාලි නව අභ්‍යන්තර ගුවන් සේවය ආරම්භ කෙරෙන්නේද මෙම වැඩසටහනට අනුව බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
රත්මලාන ගුවන්තොටුපලේ ප්‍රධාන ගුවන්තොටුපල කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා පවසන්නේ, ෆිටිස් ගුවන් සමාගම මෙම ගුවන් යානය යොදවා ඇති බවයි.
ATR 72 වර්ගයේ මගීන් 70 ක් එකවර ගෙනයා හැකි ගුවන් යානයක් අදාල සමාගම විසින් මේ සඳහා යොදවා ඇත.
සෑම සෙනසුරාදා, සඳුදා සහ බදාදා දිනකදීම මෙම අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වෙයි.
රත්මනානෙන් උදෑසන 7.30 ට යාපනය බලා ගමන් ආරම්භ කරන මෙම ගුවන් යානය පලාලි ගුවන්තොටුපලට ළඟා වන්නේ පෙ.ව. 8.30 ටයි.
නැවතත් පෙ.ව. 9.30 ට යාපනය පලාලි ගුවන්තොටුපලෙන් මෙම ගුවන් යානය රත්මලාන බලා පිටත්ව ඒමට නියමිත බව රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඒ අනුව පළමු ගුවන් යානය හෙට උදෑසන පෙ.ව. 7.30 රත්මලාන ගුවන්තොටුපලෙන් යාපනය බලා ගමන් කිරීමට නියමිතයි.
යාපනය සහ චෙන්නායි අතර ගුවන් යානයක් යාපනය පලාලි ගුවන්තොටුපලේ සිට ගමන් කරන අතර එය ඉලක්ක කර ගනිමින් මෙම අභ්‍යන්තර ගුවන් සේවය ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.
කොළඹ හා යාපනයයට ගමන් කිරීම සඳහා එක් මගියෙකුගෙන් අය කෙරෙන මුදල රු 7500 කි.
ඒ අනුව කොළඹ සිට යාපනයට ගොස් නැවත ආපසු කොළඹ පැමිණිම සඳහා එක් මගියෙකුගෙන් අය කෙරෙන මුදල රු 15000 ක් බව රාජපක්ෂ මහතා කියයි.
මීට පෙර යාපනය කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වූ කාලයේ දි එක් මගියෙකුගෙන් ඒ සඳහා රුපියල් 33,000 මුදලක් අය කෙරුණි.



