රටේ මුල්‍ය  ආයතන 20ක් අනතුරේ – අනුර

Share

රටේ මුල්‍ය  ආයතන 20ක් අනතුරේ පවතින බව මහ බැංකුව ප්‍රකාශ කර ඇති බැවින් ඒවා ජනතාවට හෙලිකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 

ඊයේ(02) පැවති ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, පසුගිය දා මහබැංකු විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී රට තුළ ලියාපදිංචි මූල්‍ය ආයතන 42 ක් ඇති බව පැවසු බවයි.

එයින් 20 ක් අනතුරේ ඇති බවත් ඔවුන් පැවසු බවද කියා සිටි මන්ත්‍රිවරයා, එම මුල්‍ය ආයතන නියාමය කිරීමේ බලය ඇත්තේ ද මහබැංකුවට බවත් එම ආයතන 20 හෙළිකරන ලෙස පාර්ලිමේන්තුවේ දී තමා ඉල්ලීමක් සිදු කිරීමට සිටින බවත් පැවසීය.

ජනතාවගේ සල්ලි එම ආයතනය තුළ ඇති බවත් මේ වසරේ ණය වාරිකය ඩොලර් බිලියන 5ක් බවත් පැවසු මන්ත්‍රීවරයා, වසරේ ණය පොලී අනුපාතිකය රුපියල් කෝටි 90000 ක් ගෙවිය යුතුව ඇති බවත් කියා සිටියේය.

ගෝඨාභය මහතා සහභාගී වු මාධ්‍ය හමුවක දී මේ සඳහා මුදල් සොයා ගන්නා හැටි අසා සිටි බවත් කියා සිටි මන්ත්‍රීවරයා, එවිට ඔවුන් බොහෝ දුරට සිතා සිටින්නේ ජනාධිපති තනතුර සමඟ ඇලඩීන්ගේ පහනත් හිමිවෙන බවත් යැයි ද පැවසීය.

ජනාධිපති තනතුර සමඟ හිමිවන්නේ විධායක බලය බවත් ඇලඩීන්ගේ පහන එහිදී හිමි නොවන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News