කඩුගන්නාව හා බැලුම්ගල අතර කේබල් කාර් ව්‍යාපෘතියක්

Share

කඩුගන්නාව මුදිලිවත්ත සහ බැලුම්ගල අතර දියත් කිරීමට සැළැසුම් කොට ඇති කේබල් කාර් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමේ චාරිකාවට  මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා එක්විය.

 

කඩුගන්නාව නගර සභාව සහ මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තුමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට යෝජිත කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරීම සහ අනෙකුත් සංචාරක සංවර්ධන වැඩ පිළිවෙළ පිලිබඳව මෙහෙදි ආණ්ඩුකාරවරයාගේ අවධානයට ලක්විය.

මෙම නිරීක්ෂණ  චාරිකාවේදි මුදිවත්ත ප්‍රදේශයේ ස්ථාන ගත කිරීමට නියමිත නැවතුම් පළ සහ එම ඉඩම් පිළිබඳවත් එහි නීත්‍යනුකූල තත්ත්වය සම්බන්ධවත් මධ්‍යම පළාත් ආණුඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ අධීක්ෂණයට ලක්විය.

Read more

Local News