සුරා සැල් හා මස් මාංශ අලෙවිසැල් හෙට වසයි

Share

72 වන ජාතික දිනය සැමරුම වෙනුවෙන් හෙට (04) දිවයිනේ සියලුම මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවිසැල්, සුරා සැල් සහ බලපත්‍ර ඇති අනෙකුත් සියලුම මත්පැන් අලෙවි මධ්‍යස්ථාන වසා දැමීමට දැනුම් දී ඇත.

 

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

72 වන ජාතික නිදහස් දින සැමරුම හෙට (04) කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

Read more

Local News