ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන සඳහා වැඩි ඉඩක් ලබාදීමට කුර්දිස්ථානය එකඟතාවය පළ කර ඇති බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ කුර්දිස්ථාන කාර්මික හා වාණිජ මණ්ඩල නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවය පළ විය.
සාකච්ඡාව පසුගිය සිකුරාදා(31) කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ දී පැවැත්විණි.
කුර්දිස්ථාන කාර්මික හා වාණිජ මණ්ලයේ සභාපති ධාරා ජාලිල් ඛාලීල් ඇතුළු නියෝජිතයෝ 16 දෙනෙක් මෙම සාකච්ඡාවට එක් ව සිටියහ.
ඉරාක ශ්‍රී ලංකා කොන්සාල්ජෙනරාල්වරයා සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මෙම සංචාරය සංවිධානය කර තිබිණි.
මෙම නියෝජිතයන් ඇමති ප්‍රසන්න රණතුංග මහතාට පෙන්වා දුන්නේ කුර්දිස්ථානයට පුහුණු ගුරුවරුනගේ හිඟයක් පවතින බවයි.
ආර්ථික සහයෝගිතාවයක් ලෙස පුහුණු ගුරුවරුන්ට කුර්දිස්ථාන ප්‍රාන්තයේ රැකියා අවස්ථා ලබා දීමේ හැකියාව ද මෙහි දී අවධාරණය කෙරිණ.
කෘෂිකාර්මික අපනයන සඳහා කුර්දිස්ථානයෙන් වැඩි අවස්ථාවක් ලබා දිය හැකි බව පෙන්වා දුන් කුර්දිස්ථාන නියෝජිතයෝ මෙරට තේ හා කුරුදු කුර්දිස්ථානයෙන් ඉහළ ඉල්ලුමක් තිබෙන බව ද කීහ.
මෙම සාකච්ඡාවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද එක් ව සිටියහ.



