චීනයේ සිට මෙරටට එන ගුවන් මගීන් සංඛ්‍යාව පහළට

Share

චීනයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් සංඛ්‍යාව බෙහෙවින් අඩු මට්ටමකට පත් වි තිබෙන බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

ඒ අනුව ඊයේ (2) දින රාත්‍රී චීනයේ සිට චීන ගුවන් සේවා තුනකට අයත් ගුවන් යානා තුනකින් සහ අද (3) දින අලුයම චීනයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් සංඛ්‍යාව 61 දෙනෙකි.

ඒ අතුරින් චීන ජාතික ගුවන් මගීන් 50 ක්වූ අතර, ඉතිරි 11 දෙනා ශ්‍රී ලාංකික ගුවන් මගීන් වූහ.

මෙම එක් ගුවන් යානයක 250ක පමණ  ආසන ධාරිතාවයක් ඇති අතර , ඒ අනුව අවම වශයෙන් මෙම ගුවන් යානා හතරෙන් ගුවන් මගීන් 1,000 ක පමණ ගුවන් මගීන් සංඛ්‍යාවක් කටුනායක ගුවන් තොටුපළ වෙත ප්‍රවාහනය  කිරීමේ හැකියාව තිබුණි.

Read more

Local News